பெனர்

கவிதை

புகைப்படம்

செய்தி

கட்டுரை

Saturday, May 7, 2011

www.gamma.meepura.com

இணையத்தளத்தில் இடம் பெற்றுள்ள எனது பேட்டி

පාඨකයෝ අඩු වූ විට ලේඛකයන්ට අසාධාරණයක් සිදුවෙනවා.

ඔබ කවියෙක් මෙන්ම සන්නිවේදන මාධ්‍ය කීපයකම නියැලෙනවා. එම මාධ්‍ය අතරින් සමාජයට බලපෑමක් කළ හැකි මාධ්‍ය ලෙස ඔබ තෝරාගන්නේ කුමක් ද ?
මා ප‍්‍රබලව නිරත වන මාධ්‍ය ලෙස මා හඳුනාගන්නේ පුවත් වාර්තාකරණයයි. කලාව පැත්තෙන් මිනිසුන්ට වෙන අසාධාරණය වගේම ජාතික සමගිය වගේ දේවල් ගැන පුළුල්ව කතා කළ හැකියි.
ඉස්සර මම කවි වලින් කෙටිකතා ලිව්වේ ජනතාවට සිදුවන අසාධාරණකම් ගැන මගේ මතය කවි වලින් ප‍්‍රකාශ කිරීමටයි. ඒක එක කලාවක්. ප‍්‍රවෘත්ති වාර්තාකරණය කියන භාවිතාව ගත්තොත් මම අවු – 7ක් විතර වීරකේසරී වාර්තාකරු ලෙස ලියනවා. ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී විශාල ලෙස සමාජයට බලපෑම් කරන්ඩ පුළුවන්. අද තිබෙන සමාජ වටපිටාව තුළ කවියට වඩා ප‍්‍රවෘත්ති මාධ්‍යයට බලයක් තිබෙනවා. මුස්ලිම් හෝ දෙමළ ලෙස බැලූවොත් කලාකරුවන් සිටින්නේ බොහොම සුළුතරයක්. අපි කවි පොතක් පළ කළොත් ඒකට යන වියදමවත් කවර් කරන්ඩ ලැබෙන්නේ නැහැ. අපට මෙතනදි තිබෙන්නේ තෘප්තිය විතරයි. සිංහල සමාජයේ ලේඛන වලට තිබෙන අලෙවියට සාපේක්ෂව දමිළ මාධ්‍ය සඳහා තිබෙන ඉල්ලූම අඩුයි. තවත් කාරණයක් තමයි ලංකාවේ දමිළ පාඨකයා විශේෂයෙන් තමිල්නාඩු සඟරා තමයි වැඩිපුර බලන්නේ. එකක් සිනමාව. දමිල පාඨකයා තුළ ලංකාවේ කලාකාරයින්ට වඩා ඉන්දියාවේ හෝ තමිල්නාඩුවේ කලාකරුවන්ට පිළිගැනීම වැඩියි. ඔවුන් අතර ජනප‍්‍රිය වන්නේ ඉන්දියානු තමිල් ඉන්දියානු චිත‍්‍රපට ගීත තමයි. ඒ වගේ පසුබිමක, පාඨකයෝ අඩුවූ විට ලේඛකයන්ට අසාධාරණයක් සිදුවෙනවා.
බේ මාධ්‍ය වෘත්තියට හා කලා නිර්මාණ වලට බලපෑ අත්දැකීම් ?
අපේ ගෙදර, අපේ තාත්තා පුස්තකාලයක් හදලා තිබුණා. මම ඒ කාලේ සතියකට පොත් 5ක් කියවනවාමයි. ඒ කියවීමට වගේම මගේ ලිවීමේ කටයුතු වලට තාත්තාගේ බලපෑම තිබුණා. තාත්තා ඒ කාලේ වීරකේසරී පුවත්පතට ලිව්වා. ඉස්ලාම් ධර්මය ගැන විශේෂාංග ලිපි. මටත් ආශාවක් ආවා, මමත් ලියන්ඩ පටන් ගත යුතුයි කියලා. 1979 දී මම පාසල් සඟරාවකට ලිව්වා. ඒ වගේම ඒ කාලේ තිබුණා ‘චින්තාමනී’ කියලා පුවත්පතක්. ඒක කළේ එම්.ඞී ගුණසේන සමාගමෙන්. ඒකේ තිබුණා කාන්තාවන්ට පිටුවක්. මම අපේ අම්මගේ නමින් ඒකටත් ලිව්වා.
මට මගේ ගෙදර මාපියන් වගේම ඇසුරු කළ මිතුරන් හා පරිසරයත් බලපෑවා ලිවීමට. 1983 දී විතර මම උසස් පෙළ කරන කාලේ. කලූ ජූලි කලබල ,කොළඹදී පිච්චෙන මළමිනී මම ඇස්දෙකට දැකලා තියෙනවා. මගේ කෙටි කතාවකට තේමාව වුනෙත් මේ ජනවාර්ගික ප‍්‍රශ්නය. එක කෙටිකතාවකට ජාත්‍යන්තර ඇගයුමක් සහ සහතිකයක් ද, මුදල් පරිත්‍යාගයක් ද මට ලැබුණා. ඒකේ තේමාව ‘‘ එකම දේශයේ පරෙවියෝ ’’
සම්මාන ලැබුණ ගී පද රචනය 1993දී රචිත එකක්. ඒකේ සිංහල අර්ථය තමයි ‘‘මිනිසුන් ලෙස අපි අලූතෙන් ඉපදෙමු’’ යන්නයි.
අනෙක් කරුණ තමා මගේ මාධ්‍ය දෙමළ. මීගමුවට ආවට සුනාමි අවතැන්වූවන්ගේ සැමරුමකදී මට හමුවෙනවා මෙහේ ප‍්‍රාදේශීය පුවත්පතේ කර්තෘ ප්‍රෙඞී ගමගේ සහ අනෙක් සිංහල මාධ්‍යවේදීන්. ඒ මුණගැසීම් වලින් පස්සේ මගේ ප‍්‍රවෘත්තී වාර්තා කිරීම තවත් පුළුල් වුණා. ඒ වගේම මීපුර පුවත්පත විසින් ප‍්‍රකාශයට පත්කළ ‘තේනගම්’ පුවත්පතේ මාස 6ක් පමණ වැඩකරන්ඩ ලැබුණා. ඒකත් ලොකු අත්දැකීමක්. ඩිප්ලෝමා එකකට වඩා ප‍්‍රායෝගිකව ලබන දැනුම වෙනස්. සිංහල මාධ්‍යවේදීන් සමඟ ලැබුණ ඇසුර සහ ඔවුන්ගේ අත්දැකීම් මගේ මේ මාධ්‍ය වාත්තීයට විශාල අත්දැකීමක් ගෙනවා.
ඔබ වීරකේසරී පුවත්පතට සම්බන්ධ වෙන්නේ කොහොම ද?
පාසල් යන කාලේ ඉදලා මම කවි, විශේෂාංග එහෙම ලිව්වා වීරකේසරී පත්තරේට. පසුව මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමා එකක් කළා. ඒ කාලයේ දී වීරකේසරි පුවත්පතේ ජනමාධ්‍යවේදීන් සඳහා ඇබෑර්තුවක් තිබෙනවා කියලා පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. මමත් අයඳුම්පත් දැම්මා. පැය 3ක ඉන්ටර්වීව් එකක් තිබුණා. මාව තෝරගත්තා. නමුත් මට ඕනා කළේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීයෙක් ලෙස සම්බන්ධවීමටයි. ඔවුන් ඒ සඳහා නැවත ඇබෑර්තුවක් දැම්මා මාස 3කින් විතර පස්සේ. ඒකටත් මම ඉල්ලූවා. ඒකෙදීත් මාව තෝරගත්තා. ඒ 2004 වර්ෂයේදීී. එතැන් පටන් මම දිගටම වීරකේසරී පුවත්පතට වාර්තා කරනවා.
මීගමුවේ හෝ ඔබ නියෝජනය කරන කලාපය තුළදී ඔබට වාර්තා කරන්නට ලැබුණ විශේෂ ප‍්‍රවෘත්ති හෝ සිදුවීම් තිබෙනවා ද ?
බන්ධනාගාරයේදී ඇªම රෝගයෙන් පෙළුණ තරුණියක් මැරුණා. ඔවුන් ආගමන විගමන පනත යටතේ දීර්ඝ කාලයක් මීගමුව බන්ධනාගාරය තුළ රැුඳවූවන්. එම මරණයත් සමඟ ඒ ප‍්‍රශ්නය ගැන මහත් ආන්දෝලනාත්මක සිදුවීම් කීපයක් සිදුවුණා.
රැුඳවියන් නිදහස්කර ගැනීම සඳහා උද්ඝෝෂණ කළා. ඒ වගේම මම වාර්තා කළ තවත් සිදුවීමක් තමයි මීගමුවේ රෝහලේ දී 6 වන මහලෙන් වැටිලා මිය ගිය චමිලාගේ ගේ සිදුවීම. ඒ සිදුවීම දිගටම වාර්තා කළා.
ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති වාර්තාකිරීම මීගමුවේ සංවර්ධනයට කෙතරම් බලපෑමක් කරනවද ?
පුවත්පතේ වාර්තා කළාට පස්සේ ඒවා සම්බන්ධව පරීක්ෂණ කරපු අවස්ථා තිබෙනවා. අපේ නෝනට 3 වෙනි බබා හම්භ වෙන්ඩ ඉද්දී වෙච්ච සිදුවීමක් තියෙනවා. එයාව බලන්ඩ මිඞ්වයිෆ් ආවේ නෑ. අපි හොයලා බැලූවා ඒ ඇයි කියලා. නමුත් දැනගත්තා එයා එන්නේ නෑ කියලා. පස්සේ මම මේ ගැන ලිව්වා. පළවුණා. පළවුණාට පස්සේ ඊළඟ දවසේ මිඞ්වයිෆ් ආවා. ඇවිත් කිව්වා බලන්නකෝ කව්රු හරි පත්තරේට ලියලා තියෙනවා මම යන්නේ නෑ කියලා, මාව විමර්ශනය කළානේ, ඔයාලා දන්නවානේ මම එනවා කියලා ටිකක් දොස් කිව්වා. එයා දන්නවා මම ගුරුවරයෙක් කියලා, නමුත් මාධ්‍යවේදීයෙක් කියලා දන්නේ නෑ. පස්සේ තවදුරටත් ක්ලීනික් එකේ තිබෙන අඩුපාඩු ගැනත් ලිව්වා. ඒක ගැනත් විමර්ශනයක් තිබුණා. ඒ වගේ ගොඩාක් සිදුවීම් තිබෙනවා, පත්තරේ පළවුණාට පස්සේ ජනතාවට වඩා සේවයක් සිද්ධ වුණා. ප‍්‍රශ්න අඩුපාඩු වගේම සංස්කෘතික දේවල් පවා වාර්තා කළා. මීගමුව ප‍්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට තිබෙන ප‍්‍රශ්න ගැන සාමාන්‍යයෙන් දෙමළ පත්තරේ එතරම් වාර්තා වුණෙ නෑ ඉස්සර. දැන් වීරකේසරී පුවත්පතේ වැඩිම අලෙවිය තියෙන්නෙත් මිගමුවේ. ඒ වගේම වීරකේසරී පුවත්පතේ ශාඛාවකුත් දැන් මීගමුවේ තිබෙනවා.
ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී සිදුවූ විශේෂ අත්දැකීම් තිබෙනව ද?
අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මියගිය වෙලාවේ මම නිවාඩු දාලා කොළඹ ගිහින් හිටියේ. කොළඹ ගිය නිසා කාර්යාලයට ගියා. ඒ අවස්ථාවේ කාර්යාලයෙන් මාධ්‍යවේදීන් දෙදෙනෙක් එන්ඩ ලෑස්ති වෙලා හිටියා. ඒ ප‍්‍රවෘත්තිය ආවරණය කරන්ඩ. පස්සේ මගෙන් ඇහැව්වා ඔයාට පුලූවන් ද කවර් කරන්ඩ තනියෙන් කියලා, පස්සේ මම ඒක කළා . හැම මාධ්‍යකින්ම මාධ්‍යවේදීන් 4 දෙනෙක් පමණ හිටියා. මට තිබුණේ මගේ ඩිජිටල් කැමරාව විතරයි. නමුත් ඒක ඉතා සාර්ථකව කර ගැනීමට ලැබුණා. ඒ වගේම තමා පා.මන්ත‍්‍රී ද.මු. දසනායක මහතා මියගිය වෙලාවෙත් මම තමයි වීරකේසරී පුවත්පතට ඒ පුවත වාර්තා කළේ.
ප‍්‍රාදේශීය මාධ්‍යකරණයේ දී තමන්ගේ වෘත්තීය ආචාරධර්ම ආරක්ෂාකර ගැනීම අභියෝගයක් ?
මාධ්‍යවේදීයෙක් කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. තමන්ගේ වෘත්තියේ ප‍්‍රතිපත්ති මුදලට විකුණන අයත් ඉන්නවා. මම ගත්තොත්, මේ වෘත්තිය තුළ මට අරමුණක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මම ලියන්නේ. ඒකේදී ආණ්ඩු පක්ෂයට මෙන්ම විරුද්ධ පක්ෂයටත් විරුද්ධව ලියන්ඩ පුලූවන්. හැබැයි ඒක ජනතාවට සිදුවන්නේ හොඳ දෙයක්. මගේ මාධ්‍ය දෙමළ වීම නිසා මට ගැටෙන්ඩ තරම් සිදුවීම් ඇවිල්ලත් නෑ. එකක් දෙකක් ඇරෙන්නට. මොකද මේ ප‍්‍රදේශයේ වැඩියෙන් ඉන්නේ සිංහල දේශපාලකයෝ. ඔවුන්ට දෙමළ මාධ්‍යවේදීන්ගෙන් ලොකු ප‍්‍රයෝජනයක් හෝ අවශ්‍යතාවයක් නෑ. දේශපාලකයින් සමඟ සම්බන්ධතාවයක් තබාගැනීම අපේ වෘත්තියේ අවශ්‍යතාවයක්. නමුත් මම කිසිම බලපෑමකට කිසිවක් වාර්තා කර හෝ නොකර හිඳ නෑ, පසුගිය යුද වාතාවරණය තුළ මීගමුවේ පදිංචි දෙමළ ජනතාවට සිදුවූ විවිධ හිරිහැර මම වාර්තා කළා. ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමක් සිදුවුණා. ඒ වගේම කප්පම් ගැනීම සඳහා ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීම් සිදුවුණා. දෙමළ ජනතාවගේ රත්්තරන් මාල කඩා ගැනීම් සිදුවුණා. ඒ වගේ දේවල් මම වාර්තා කළා. ඒ කාලේ තිබුණ වාතාවරණය අනුව සමහර ප‍්‍රවෘත්ති පළ කළෙත් නෑ. ඒක මගේ වෘත්තීය වගකීම ලෙස මම සිතනනවා. අනික් එක තමා මම නීතියට ගරු කළ යුතුයි කියා විශ්වාස කරන කෙනෙක්.

එම්. ඉෂෙඞ් සාජහාන් මහතා වීරකේසරී පුවත්පතේ මාධ්‍යවේදීයෙකු ලෙස මීගමුව නියෝජනය කරන අතර වෘත්තීයෙන් උප විදුහල්පතිවරයෙකි. දමිළ බසින් මෙම ප‍්‍රදේශයේ සිංහල , දමිළ , මුස්ලිම් ජනතාවගේ සමාජ ප‍්‍රශ්න පිළිබඳව වාර්තා කරයි. විද්‍යුත් ජනමාධ්‍ය තුළට ප‍්‍රවේශවී ඇති සාජහාන් මහතා සිය බ්ලොග් අඩවිය හරහා ද පුවත්වාර්තාකරණයේ යෙදී සිටියි. පසුගියදා ලංකා පුවත්පත විසින් පැවැත්වූ ‘‘ෂෙල් නැති අහසක් යට’’ කලා උළෙලේ දී ඔහු විසින් රචිත ගී පද රචනාවකට පළමු ස්ථානය හා (දමිළ අංශයෙන් * සම්මානයක් පිරි නැමිණි. ඔහු සමඟ කළ සංවාදයක් පහත පළවේ.